කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙරවරුවේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා .
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් .
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ 2025 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සහ කරුණු විමසීම සිදු කෙරුණා
විශේෂයෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහන , ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ යෝජිත ව්‍යාපෘති , ග්‍රාම සංවර්ධන සැලසුම , පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් , 2026 වර්ෂයේ ණය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අදහස් දක්වනු ලැබුවා.
සංවර්ධන වැඩසටහන්වලට අදාල කාර්යාල වල නිලධාරීන් මේ සඳහා සහභාගී සිටියා
වාරිමාර්ග ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කය තුල ඩිංගු රෝගය වර්ධනය වීමේ වැඩසටහන් පිළිබඳව චිකන් ගුණයා රෝගිය කොවිඩ් රෝගය සහ ප්‍රදා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වනු දක්නට ලැබුනා.