මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23ක් නිර්මාණය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළග, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරණ නිර්මාණය කර ඇති බවයි.
මීට අමතරව මොරටුව, දෙහිවල, මාලඹේ සහ අතුරුගිරිය ඇතුලු ප්‍රදේශ රැසක ද වෙසක් තොරණ නිර්මාණ කර තිබෙනවා.
මේ අතර, කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතව ද වෙසක් කලාප පැවැත්වෙනවා.