කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස පත් කළ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා අද වැඩභාර ගෙන තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස්හිදී අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.
වෛද්‍ය අධ්‍යාපනය ක්ෂේත්‍රයේ දිගු කලක් නිරතව සිටි ඒ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු ලේකම්වරයෙකු ද වනවා.
ඔහු දෙස් විදෙස් විවිධ ආයතන රැසකට සිය විශේෂඥ දැනුම සහ සේවාව ලබාදී තිබෙනවා.