සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සරූක් නම්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු වසර ගණනාවක් කොළඹ මහ නගර සභාවේ අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙක් මෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසය ද ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයෙක් වන හෙයින් ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකයින්ගේ සහයද ඔහුට ලැබෙනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කළා.