කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
එහි සඳහන් වන්නේ,මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දන්වා ඇති බවයි
එම සංවර්ධන කටයුතු නොවැම්බර් 01 වන දින සිට 2026 වසරේ ජනවාරි මස 31 වන දින දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබනවා.
දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීමට ඉඩකඩ ඇති බවද දැනුම් දී තිබෙනවා.
එබැවින් එහි ඉදිකිරිම් සිදුකරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.












