කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව එළඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්යාය සහ දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමත්, විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීම් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් මෙම වැඩසටහන දියත් කෙරෙනවා.