සැප්තැම්බර් මස 6 වන දින කොළම ප්‍රදේශ කිහිපයක පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 01 සිට 13 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පවසන්නේ.
එසේම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, අයි.ඩී.එච්. කොටිකාවත් සහ අංගොඩ යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවෙනවා.
මීට අමතරව ජල සැපයුම අත්හිටුවෙන්නේ වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලටයි.
ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය පවසනවා.