ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවත් කොරියානු රැකියා අවස්ථා ලබා දීම වැඩි කිරීම පිළිබදව අවධානය යොමුව තිබෙනවා.
කොරියානු තානාපතිනි සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම දැනට මෙරට ශ්‍රමිකයින්ට ලබා දී ඇති කොරියානු රැකියා ඉහළ නැංවීමට සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති අතර
මෙරට ඉරාන තානාපති ආචාර්ය ඇලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර හමුවක් ද ඊයේ පවත්වා තිබෙනවා.