කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ.චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) පස්වරුවේ කොත්මලේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අජිත් කුමා මුරමුදලිගෙදර මහතා විවෘත ඡන්ද 30කින් තේරී පත්වූ අතර සමගි ජනබලවේගයෙන් සභාපතිවරයා සඳහා යෝජනා කෙරුණු තිස්ස සම්පත් බණ්ඩාර මහතා ඡන්ද 22ක් ලබාගත්තා.
එම සභාව නියෝජනය කරන සර්ව ජනබලය පක්ෂයේ සභිකයන් තිදෙනෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.
එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සුබ්‍රමනියම් ෂන්මුගදාසන් මහතා ඡන්ද 30ක් ලබාගනිමින් තේරී පත් වූතඅර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සන්මුගම් කමලතීපන් මහතා ඡන්ද 22ක් ලබාගත්තා.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී සභිකයන් තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.
කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මුළු සභික ධුර සංඛ්‍යාව 55ක්.
මේ අතර චෙන්ගලවෙට්ටිකුලම් සහ අයගම ප්‍රාදේශීය සභාවල බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.
වවුනියාව දිස්ත්‍රික්කයේ චෙන්ගල්වෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන ටී. ඉම්තියාස් මහතා තේරී පත්වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරී පත්වූයේ සමගි ජන බලවේගය නියෝජනය කළ උපුල් පියසේන මහතායි.