ඊයේ (19) යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතුරම් 1393 ක් ගොඩගත් බව යාපනය, කොඩිකාමම් පොලිසිය පවසන ලදී.
පොලිසිය පැවසූවේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි බෑගයක් හමු වූ අතර ඉඩමේ අයිතිකරුවන් ඒ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වෙත දැනුවත් කරන ලදී.
පොලිසිය විසින් අදාළ බෑගය පරීක්ෂා කිරීමේදී පතුරම් 1393 ක් තිබි හමු වී ඇත අතර පොලිසිය පැවසූවේ අදාළ පතුරම් දිරාපත්ව පැවති අතර, යුධ සමයේ කිසියම් පිරිසක් අදාළ පතුරම් ළිඳට දමන්නට ඇති බවට සැක පළ කරන බවයි.
හමුවු පතුරම් තොගය යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පවසන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.