කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකිව තිබෙනවා.
ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකු පමණයි.
ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනවා.













