2026 වසර සඳහා කොටගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය සියලුම පක්ෂවල සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව ඒකමතිකව අද(11) සම්මත වී තිබෙනවා.
කොටගල ප්‍රාදේශීය සභා ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයන් පස් දෙනෙක්, ජාතික ජනතා බලවේගයේ සාමාජිකයන් පස් දෙනෙක් එක්සත් ජනතා බලවේගයේ සාමාජිකයන් 4 දෙනෙක්ද ඇනා චන්ද්‍රසේකරන් පෙරමුණේ සාමාජිකයෙකු සහ ඊරෝස් හි සාමාජිකයකුගෙන්ද සමන්විත වනවා.
ඒ අනුව කොටගල ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභිකයන් සංඛ්‍යාව 16 දෙනෙක් වන අතර අයවැය ඉදිරිපත් කළ අද(11) දිනයේ සියලු දෙනා අත්පොළසන්දී සහයෝගය පළ කර තිබෙනවා.
රැස්වීමේදී කතා කළ ප්‍රාදේශීය සභා සභාපති රාජමනී ප්‍රශාන්ත් මහතා කියා සිටියේ 2026 වසර සඳහා සභාවේ ඇස්තමේන්තුගත අපේක්ෂිත ආදායම රුපියල් 178,777,231ක් බවත් වියදම රුපියල් 178,775,268ක් බවයි.
එම අපේක්ෂිත ආදායමෙන් රුපියල් 31,700,000ක මුදලක් ප්‍රදේශීය සබා බලප්‍රදේශයේ සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.













