කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා තැපැල් මඟින් මත්ද්‍රව්‍ය පාර්සලයක් එවන ලද බවට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකය විසින් මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම ජාවාරමට අනුබල දුන් නයිජිරියන් ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු නාරාහේන්පිට සහ ජාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- මාණික්කාවත්ත ජනපදය නායයාමේ අවදානමක් – පවුල් 13ක් ආරක්ෂිත ස්ථාන වෙත
- මොරගහහේනේ පුද්ගල ඝාතනයක්
- තායිලන්ත සූරූපියන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- වැරැල්ලේ අනතුරකින් පියා සහ පුතා මරුට – මව සහ රියදුරුට බරපතලයි
- දිය වැලකට හසු වූ විදෙස් ජාතික කතක් මරුට
- ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි
- අයිස් කිලෝ 63ක් සහ හෙරොයින් කිලෝ 14ක් සොයා ගැනේ













