එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් විසින් කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ගෝමා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා.
ගෝමා හී දිවිගෙන දහස් ගණන් වැසියන් මේ වන විට නගරයෙන් පළා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, කැරලිකරුවන් සහ කොංගෝ හී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර සිදුවු ගැටුම් හේතුවෙන් සාම සාධක හමුදා භටයින් 13 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.