කේරළ ගංජා තොගයක් හා පිස්තෝල අවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත වෙන්නප්පුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී කේරළ ගංජා කිලෝ 913 ග්‍රෑම් 124ක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් එම පතරොම් ගැබ් 04ක් සහ එම ජීව පතරොම් 40ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙක් කැබ් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 48 හා 51 යන වයස්වල පසුවන නොච්චියාගම, උළුක්කුලම හා අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් ඊයේ(03) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.