රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” සදහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම සම්මන්ත්‍රණය ගාලු මුවදොර හෝටලයේදී සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.
කෘෂි, පාරිසරික විද්‍යා සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනීය උසස්භාවය, දැනුම් හුවමාරුව සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලබනවා.
මෙවර සම්මන්ත්‍රණය තුළ කෘෂි තිරසාරභාවය සහ නවෝත්පාදන පිළිබඳ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳවසාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














