කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය එකඟතාව පළකළා.
කෘෂිකාර්මික කටයුතු වලට අදාලව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවයි චීනය ප්‍රකාශ කරන්නේ.
චීන ශ්‍රී ලංකා කෘෂිකාර්මික කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ගොවිජන මන්දිරයේ දී පැවැත්වුණා.
දෙරටේ කෘෂි අංශයට සම්බන්ධ නිලධාරීන් ඊට එක්වුණා.
ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා කෙටි හැදින්වීමක් සිදුකළා.
වත්මන් රජය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමුකරමින් කෘෂි ව්‍යාවසයකින් බිහිකිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමුකර ඇති බව ඒ මහතා මෙහිදී පැවසුවා.