රුපියල් මිලියන 15 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 556ක් සමග තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි වියෙහි පසුවනවා.
මොහු කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන පසුව ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ, අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 03ක් තුළ මෙම මත්ද්‍රව්‍ය ගෙනවිත් තිබෙනවා.