රජය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව පවත්වනු ලබන සමගි ජනබලවේගයේ ජන රැලිය මේ වන විට කුරුණෑගල වාරියපොල දී පැවැත් වෙනවා.
එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ මහජන අයිතින් උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කරන බවයි.
මේ අතර ඊයේ පැවති ජනහමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.