පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා දේශපාලන හා පක්ෂ සංවිධාන කටයුතු කිහිපයක් වෙනුවෙන් අද (17) දින විදේශගත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල පක්ෂයේ සංවිධාන හා ප්‍රචාරක කටයුතුවලට මැදිහත් වන්නට නියමිත බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.
එසේම ප්‍රංශයේදී උත්තරය අපි තේමාවෙන් පක්ෂයේ සම්මන්ත්‍රණය ඇමතීමටද ඉතාලියේදී ඉල්මහ සමරුවට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
එසේම යුරෝපයේ වාමාංශික පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කිරීමට නියමිත කුමාර් ගුණරත්නම් මහතා එම රටවල සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් හිතවතුන් ඇතුළු ලාංකිකයන් හමුවීමටද සැලසුම් කර ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරන්නේ.