තංගල්ල , මැඩිල්ල වෙරළ තීරයේදී රළ පහරකට හසුවූ දැරියක් ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා .
තංගල්ල පොලිසිය සඳහන් කලේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි.
ඇය පවුලේ සාමාජිකයින් සමග මුහුදු රළ පාගමින් සිටින අතරතුර දැරිය සැඩ පහරකට හසුව දියේ ගසා ගෙන ගොස් අදාළ අනතුර සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.