යුද්ධය පැවැති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස්කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප්පිල්ලේ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.
එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරුවූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.













