මඩාටුගම ගල්කිරියාගම ප්රධාන මාර්ගයේ කිරලව ප්රදේශයේ කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම හේතුවෙන් 27 දින පස්වරුවේ සිට පාලම මතින් ගමන් කිරීම නවතා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව මඩාටුගම හරහා ගල්කිරියාගම, කලාවැව, පුබ්බෝගම , නාමල් උයන, ආදී ප්රදේශවලට ගමන් කරන වාහන විකල්ප මාර් ග භාවිතා කළයුතුව ඇත
දඹුල්ල ගල්කිරියාගම ප්රධාන මාර්ගයේ ගල්කිරියාගම කිරලව ප්රදේශයෙන් දඹුලු ඔය හරහා කලාවැවට ජලය ගෙනයන කිරලව පාලම දෙපස සහ තාවකාලික පාලමද ගිලාබැසීමේ තත්ත්වයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මිට වසරකට පෙර මෙම පැරණි පාලම ගිලා බැසීම නිසා තාවකාලික යකඩ පාලමක් සවි කලද එහි ඉදිකිරීම් ප්රමාද වීම සහ ප්රමිතියකින් තොරව ඉදිකිරීම් නිසා මේ වසරේ නැවත ආපදාවකට ලක්ව තිබෙන බව ජනතාව චොදනා කරති
කිරලව පාලම දෙපස තිබූ විශාල ගස් කොළන් සියල්ල ඇළට ගසාගෙන ගොස් පාලමේ ඉවුරු කාදනය වෙමින් පවතින බව ජනතාව පෙන්වා දෙති