කිඹුලෙකු ඩැහැගෙන ගොස් අක්කරපත්තුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග ගල්ඔය ගංගාවේ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 37 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවත් ඔහු සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ද දියත් කර තිබෙනවා.













