දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.