කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා එම කොටස තාවකාලිකව වසා තැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා පවසනවා.
ඒ අනුව, එළැඹෙන 17 දින පෙ.ව. 09.00 සිට එදින ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට පසුදින (18) පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කලා .