කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා.
කැකිරාව සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් පෙරළීගොස් මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ. .
අනතුරින් ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තුවාල ලබා ඇති අතර රියදුරු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්