මධ්‍යඹ කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.
අද(15) දින වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හයක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතක් දක්වා ආසන්න වී ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමගින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ජල විදුලි බලාගාර ඉංජිනේරුවන්ද කියා සිටියා සිටියේ.