මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශයේ නටඹුන් යලි මතුවෙමින් පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා.
ඊයේ(26) දින සවස 6 පමණ වන විට මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 40 අඟල් 9කින් සහ කාසල්රී ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 39 අඟල් 4කින් පහළ බැස තිබෙනවා.
කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, කැනියෙන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය සිදු කරනු ලබනවා.
තවදුරටත් වියළි කාලගුණය පැවතුනහොත් ජල විදුලිය උත්පාදනයට බාධා විය හැකි බවයි එම ජලාශබාර ඉංජිනේරුවෙන් පවසන්නේ.














