ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා .
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදුකරන බවයි .
කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම එම ආයතනවල අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .