ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා .
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත බවයි .
එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20 ත්‍රිත්ව තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා .













