ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය මුල්කරගෙන ඇති වූ අර්බුදය මත දින 29ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් ත්‍රීකුණාමලය බන්ධනාගාර නිලධාරියෙකුට එරෙහිව සිදු කරන චෝදනාව සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා නුදුරේදීම තමා ත්‍රීකුණාමලය බලා පිටත්ව යන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබෙනවා.
එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා අදාළ බන්ධනාගාර නිලධාරියාගෙන් කරුණු විමසීමට එහි පිටත්ව යාමට තීරණය කළ බවද අමාත්‍යවරයා පවසනවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇප ලැබීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් චෝදනා රැසක් එල්ලකරනු ලැබුවා.
Source : දිවයින ඉරිදා සංග්‍රහය 2026-02-15














