බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝග්‍රෑම් 3500ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් සමග හැටන් පොලිසිය විසින් අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ වෙලම්බොඩ සිට තලවකැලේ දක්වා කසළ තේ ප්‍රවාහනය කරන බවට හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථය නතර කර පරීක්‍ෂා කර තිබෙනවා.
එහිදී අදාළ ලොරි රථයට කසළ තේ ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් නොමැති බවට අනාවරණ වීමෙන් පසුව ලොරි රථයේ රියදුරා, රිය සහයකයා සමග ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කසළ තේ තොගය සහ සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලීම සිදු කළ හැටන් පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කියා සිටියා.
හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර, සහකාර පොලිස් අධිකාරී නිස්සංක ගොඩමුන්න සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ලොරි රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.