කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීමට තබා තිබූ ව්‍යාපාරිකයෙකුට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි ෆාමසියක් හිමි ව්‍යාපාරිකයෙකුටයි.
අදාළ ව්‍යාපාරිකයාට වසර 10කට අත්හිටුවන ලද මාස හයක සිරදඬුවමක් සහ මුදලින් රුපියල් දස දහසක දඩයක් නියම කර තිබෙනවා.
මෙම කල් ඉකුත් වූ ඖෂධ තොගය පෙබරවාරි 7 වැනිදා පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඒ අනුව මැයි මස 30 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව විභාගයට ගෙන තිබෙනවා.
එහිදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගෙන ඇති බවත් අධිකරණය විසින් මුදල් දඩයට අමතරව අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලද බවත් වාර්තාවනවා.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ මෙවැනි වැටලීම් දිවයින පුරාම ඉදිරියේදී අඛණ්ඩව සිදුව කරන බවයි.