තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් කරන්දෙණිය, කිරිපේද්දේ පාරක තිබී අද(05) උදෑසන සොයා ගත් බව පොලිසිය පවසනවා.
කරන්දෙණිය පොලිසිය කියා සිටියේ කරන්දෙණිය, කිරිපේද්ද, හතේ කණුව ලිපිනයේ පදිංචි ශෂික පේමරත්න නමැති 31 හැවිරිදි අයෙකුගේ මෘතදේහයක් මෙලෙස සොයාගෙන ඇති බවයි.
පොලිසිය සැක පළ කරන්නේ මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී හෝ අද අලුයම් කාලයේදී ඝාතනයට ලක්ව ඇති බවටයි.













