10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා තේරි පත්ව තිබෙනවා.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පසුගිය අගෝස්තු 06 වැනිදා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව අනුව මෙම පත් වීම සිදුව තිබෙනවා.
එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද(12) රැස්වූ අවස්ථාවේදී කබීර් හෂීම් මහතා මෙලෙස පත්ව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා විසින් සභාපති ධුරය සඳහා කබීර් හෂීම් මහතාගේ නම යෝජනා කර ඇති අතර එය ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින්.