රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරු පැදියක් සහ කප්පම් මුදල්වලින් මිල දී ගත් නවීන යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් පොලිස් භාරයට ගැණුනා.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පුද්ගලයෙකුගෙන් පසුගිය 9 වනදා පැමිණිල්ලක් ලැබී තිබුණේ කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ගෙවු බව සඳහන් කරමින්.
ඉතිරිය නොගෙවන්නේ නම් තමාත් ,දරුවාත් ඝාතනය කරන බවට තර්ජනය කරන බවට ද පැමිණිලිකරු පවසා තිබුණා.
මේ අනුව කළ විමර්යශනකට අදාළවයි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සීදූව දඹතුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනේ.
32 හා 46 වන වයස්වල පසුවන ඔවුන් මැටියගනේ හා කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ නම් භාවිත කර ඇති බවට ද හෙළිවුණා.