ඓතිහාසික රුහැණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා වතුකරයෙන් පා ගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඊයේ(14) දින පස්වරුවේ මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා.
එම කණ්ඩායම ඊයේ(14) දින නෝර්වුඩ් හින්දු කෝවිල වෙත පැමිණ නවාතැන් ගෙන විවේක ගැනීමෙන් අනතුරුව අද(15) දින යළිත් තලවකැලේ නගරය දක්වා ගමන් ආරම්භ කළා.
මෙම කණ්ඩායම පුද්ගලයන් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර පළමු කණ්ඩායම 26 වනදා වනවිට රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවීමට සහභාගිවීමට අපේක්ෂාවෙන් ගමන් කරනු ලබනවා.
මස්කෙළිය, සාමිමලේ, හැටන්, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, තණමල්විල, කුඹල්ගම, බුත්තල, යාල රක්ෂිතය හරහා කිලෝමීටර් 275ක් පා ගමනින් ගොස් ජුනි 26 වනදා කතරගම ඇසළ කප් සිටුවීමේ මංගල්‍යයට එකතු වන බවයි එම කණ්ඩායමේ බැතිමතෙකු කියා සිටියේ.
දිනකට කිලෝමීටර් 40ක් 50ක් අතර දුරක් පා ගමනින් යන බවත් පා ගමනින් යන මාර්ගවල පිහිටි ආගමික ස්ථානවල සහ විශ්‍රාම ශාලාවල රාත්‍රී කාලයේ නවාතැන් ගෙන විවේකගෙන ඊට පසුදින යළිත් ගමන් ආරම්භ කරන බවත් බැතිමතුන් පවසනවා.
එසේම පා ගමනින් ගමන් කරන බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන මාර්ගය දෙපස සිටින පිරිස් විසින් ලබාදෙන බවයි පා ගමනට එක්ව සිටින බැතිමතුන් කියා සිටියේ.