කතෝලික පියතුමෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 6 දෙනා හෙට (26) දිනය තෙක් රක්ෂිත බන්ධණාගාර ගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය අද (25) නියෝග කළා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් 6 දෙනා හෙට (26) දිනයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකුයි.
ගම්පහ බලප්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කතෝලික පියතුමෙකු තමන්ට පොලිසිය පහරදුන් බවට සඳහන් කරමින් රෝහල් ගත වී ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් විමර්ෂණයක් ආරම්භ කෙරුණා.
එම විමර්ෂණයෙන් පසුවයි අදාළ පොලිස් නිලධාරීන් 6 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.













