ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී වාලම්පුරිය මෙන්ම ඔවුන් පැමිණි කැබ් රථයක් හා යතුරු පැදි දෙකක් වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30,32,48 සහ 59 යන වයස්වල පසුවන කිරිඳිවැල, නිට්ටඹුව, අංගොඩ සහ මාලිගාකන්ද යන ප්රදේශ වල පදිංචිකරුවන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 26 සහ 58 යව වයස්වල පසුවන අංගොඩ ප්රදේශයේ පදිංචිකාරියන් වන බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් අද වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.