කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග සහ වෙළද නැව් පනත යටතේ නියෝග 13 ක් අද (06) දින විවාදයට ගැනීමට නියමිතයි.
හෙට දිනයේදී විපක්ෂය විසින් ගෙන එනු ලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය මුහුණ පාන ගැටලු පිළිබදව ද සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එළඹෙන 8 වන දා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග, ආගමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන් හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 7 ක් විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව තිබෙනවා.
එමෙන්ම රට තුළ සීග්‍රයෙන් පැතිරෙන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීමට සිදු කරනු ලබන ක්‍රියාදාමයන් පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුව තුළ විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද නියමිතව තිබෙනවා.
මේ අනුව අදාළ යෝජනාව එළඹෙන 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට තුළ පවතින ගුරු හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙලෙස කරුණු විමසා සිටියා.
මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.