ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා .
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනවා.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා සදහන් කළා .