ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර ඇති බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතයි.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














