හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේදී පැවති සාකච්ඡාවකදීයි.
ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
මේ අතර 2026 වසර සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතියද හිමිව ඇතැයි සඳහන්.