ඕස්ටේ්‍රලියානු ජාතික මාධ්‍යවේදිනියකගේ අත්බෑගයක් උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් උණවටුන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අත් බෑගයෙහි වටිනා සඡ වර්ගයේ ජංගම දුරකථනයක්, බැංකු කාඩ්පත්, විදෙස් මුදල් මුදල් ඇතුළු වටිනා දෑ තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ටේ්‍රලියානු ජාතික මාධ්‍යවේදිනියක් වන මෙම තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත්තේ තනිව සංචාරය කරන්නියක් ලෙසිනි.
අත්බෑගය සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇය උණවටුන සංචාරක පොලීසිය අද(04) පැමිණිලි කර තිබෙනවා.
එලෙස පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට(05) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.












