2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ලබාදුන්නා.
ඒ අනුව පළමුවෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221ක් ලබාගැනීමට සමත් වූවා.
ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බෙත් මූනී ලකුණු 109ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් අලනා කිංග් ලකුණු 51ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නශ්‍රා කඩුලු තුනක්ච ෆාතිමා සහ රමීන් කඩුලු දෙක බැගින්ද ඩයනා සහ සාදියා එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 222ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 50ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවනවා.
පන්දු යැවීමේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කිම් ගාර්ත් කඩුලු තුනක් ද මේගන් කඩුලු දෙකක්ද අන්නාබෙල් එක් කඩුල්ලක්ද දවාගෙන සිටිනවා.
මේ අතර තරග අටක් අවසානයේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුනු ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.
එංගලන්ත සහ ඉන්දීය කණ්ඩායම් දෙක සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර ඇති කණ්ඩායම් වනවා.
තෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිව්වන ස්ථානයේත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පස්වන ස්ථානයේත් පසුවනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හයවනව ස්ථානයේ පසුවනවා.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 7 වන ස්ථානයේත් පාකිස්තාන ක්‍රිකට් කන්ඩායම 8 වන ස්ථානයේත් පසුවනවා.