ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබු ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය පිළිබඳ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බවයි.
45වන වියේ පසු වූ ඔනේෂ් සුබසිංහ මහතා ඔපෙක්ස් හෝල්ඩින් හි කළමනාකාර අධ්යක්ෂ ධුරය දරුවා.
මේ අතර මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔහු රැගෙන ගොස් දරුණු ලෙස පහර දී ඇති බවටයි අනාවරණ වුයේ.
ප්‍රහාරයට ලක්වූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් තිබුනා.