කුච්චවේලි, පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව කුච්චවේලි පොලිසිය පවසනවා.
වයස අවුරුදු 16ක් පමණ වූ කුච්චවේලි ප්‍රදේශයේම පදිංචි ළමයෙක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අසල ඉඩමක අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසු වූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













