එළැඹෙන 2026 වසරේදී විගණන 3,508ක් සිදු කිරීමට නියමිත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
මෙම විගණන යටතට මූල්‍ය විගණන 3,484ක් කාර්ය සාධන විගණන 11ක්, පාරිසරික විගණන 1 සහ විශේෂ විගණන 12ක්ද ඇතුළත්
එමෙන්ම සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතුද එළැඹෙන 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා තිබෙනවා.
මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති බවටයි වාර්තා වන්නේ.











