සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලන යසඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සඳහා ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.
අද(31) පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේ ගනු ලැබූ තීරණය එළැඹෙන 3 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කර අනුමැති ලබාගැනීමට නියමිතයි.
එසේම දැනට එක්සත් ජාතික පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයන්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් එයද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවටත් වාර්තා වනවා.
ආරාධනා කිරීම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම සිදු කිරීමට නියමිත අතර විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ට සහභාගිවීමට හැකිවන පරිදි පක්ෂ සම්මේලනය සිරිකොතදී නොපවත්වා වෙනත් ස්ථානයකදී පැවැත්වීමටද කටයුතු යෙදීමට අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.